මගේ ජීවිතේ මම අහපු සහ මම ආසකරන එකම වචනේ මචං. මේ වචනෙට ජාති බේදයක් නැත. වර්ග බේදයක් නැත. කුළ බේදයක්ද නැත. ඕනම කෙනෙකුට පොදුවේ හැදින්විට හැකි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී වචනයක් විදියට මේ වචනය හැදින්විට හැකිය. ඇත්තටම ඔබේ ජීවිතයට මචං කෙනෙක් ඉන්නවාද කියල බලන්න. (මම මේ කියන්නේ විවාහ සම්බන්ධතා තුළින් ඇතිවන නෑදෑකම් නොවේ) ඇත්තටම ඒ අය කොයිතරම් සුන්දරද. වෙලාවකට අපේ ජීවිතය ඔවුනේ කරගෙන අපේ දුක්ගන්නා රාළලා වෙනවා. වෙලාවකට අපිටම වාතයකුත් වෙනවා. එහෙම වෙලාවකට එළෙව්වත් යන්නෙත් නැත්තේ හරියට ගෙවළ යක්කු වගේ. ඒ වුනාට ඇත්තටම මචං කෙනකේ නැතිය අපි කිසිම කෙනෙකුට ජීවත් විය නොහැකියි කියන අදහස තමයි මගේ නං තියෙන්නේ. ඉතිං අපි අපේ ජීවිතය විවේචනය කරමින් ඉදිරියට රැගෙනයාමට සහාය දෙන අපේම මචං කෙනෙක් හදාගමු. අපිට වාතයක් වුනත් ඔහු අපේ ජීවිතයට අත්‍යවශ්‍ය අයෙකි.
මීට
මීට......
මචං
No comments:
Post a Comment